Wednesday, May 25, 2016

MySQL 1

අද ඉදන් mySQL ගැන post කීපයක් දාන්න හිතුව.

mySQL කියන්නෙ databases වල use කරන database programming language එකක්. හැබැයි මේක අපි use කරන programming languages වගේ එකක් නෙමේ.මේක scripting වර්ගයේ එකක්.
SQL කියන්නෙ structured query language කියන එක.
මිට අමතරව SQL , SQLite ,Oracle වගේ DB query languages තියෙනව.

database එකක් හදන හැටි බලමු.
CREATE DATABASE <DBNAME>
මේ හදපු DB එකට tables දාන්න create table command එක use කරන්න ඕන.

ඉතුරු ටික ප්‍රශ්න වලින්ම කියල දෙන එක තෙරුම් ගන්න ලේසි වේවි.

1.create these tables




















මේකේ දීල තියෙන පළවෙනි table එක හදන්න ඕන query එක තමා මේ.


create table Student
(
student_id int not null,
firstname varchar(10),
lastname varchar(10),
primary key (student_id)
);

table එකක් create කරන කොට create table කියන keyword එක අනිවාර්යයෙන් use කරන්න ඕන.ඊළගට table එකට දාන්න ඕන name එක දෙන්න.
ඊටපස්සේ () ඇතුලේ table එකේ තියෙන column names දෙන්න ඕන.
ඒකෙදි මුලින්ම column name එක, data type එක දාන්න ඕන.ඊට අමතරව තව keywords දාන්න වෙනවා.ඒවා පස්සේ බලමු.

මේකේ student_id එක int එහෙම නැත්තම් ඉලක්කම් තියෙන කොට තම int use කරන්නේ.
names වල තියෙන්නෙ characters නිසා char/varchar තමා use කරන්නේ.
මේ char & varchar වල වෙනස මේකයි.අපි datatype එක declare කරනකොට varchar(10) කියල කිව්වොත් ඒ අදාල වචනෙ store කරන්න 10ම allocate වෙන්නනේ නෑ.අකුරු 10ක උපරිමෙකට store වෙනවා.ඒ කියන්නේ අපි අකුරු 8ක වචනයක් දුන්නොත් 8ක් තම allocate වෙන්නේ.හැබැයි char(10) කියල දුන්නොත් අකුරු 5ක් උනත් 10කට ඉඩ allocate වෙනවා.
මේකේ විදියට firstname &lastname වලට varchar (10) කියල තියෙනව.
ඊට පස්සේ තියෙන්න primary key මොකද්ද කියල assign කරන වැඩෙ.
ඒක ලියන්නේ primary key කියල දිල () ඇතුලෙ primary key එක කරන්න ඕනේ column එක දෙන්න ඕන.
මේ සේරම ලියන්න ඕන () ඇතුලෙ කිව්වනේ.() අන්තිමට අනිවාර්යයෙන් ; දාන්න ඕන.සමහර වෙලාවට ; නැතිඋනොත් query එක වැඩ නොකරන්න පුළුවන්.

create table Exam
(
exam_id int not null,
subject varchar(20),
date date,

primary key (exam_id)
);

මේකෙ not null කියල දිල තියෙන්නේ exam_id  කියන column එකට අනිවාර්යයෙන් මොනවා හරි data enter වෙන්න ඕන නිසා.ඒ හින්දා exam_id එකට මුකුත් නොදා ඊලග ඒවාට යන්න බෑ. 
ඊට පස්සේ තියෙනව date කියල එකක්.එකේ datatype එකට දීල තියෙන්නෙත් date කියන එකමයි.එකෙන් වෙන්නෙ date කියන datatype එක assign වෙන එක.
create table Grade

(
student_id int not null,
exam_id int not null,
grade varchar(1),
foreign key(student_id) references Student(student_id) 

foreign key(exam_id) references Exam(exam_id)
);

මේකේ තියෙන අලුත් දේ තමයි foreign key කියන එක.එකෙන් වෙන්නේ වෙන table එකක් තියෙන primary key එකක් මේ table එකේ key එකක් විදියට යොදා ගන්න එක.

දැන් බලමු හදපු tables වලට කොහොමද data enter කරන්නේ කියල.

insert into Student
values(100,'Namal','Dias'), (101,'Saman','Perera'), (102,'Zeena ','Alfred'), (103,'Susan','Scott');

මේ විදියට තමයි Student table එකට data ටික enter කරන්නේ. INSERT INTO තමයි keyword එක වෙන්නේ.
ඊටපස්සේ values කියල type කරල () ඇතුලෙ data ටික පිළිවෙලට enter කරන්න ඕන. එකේදී varchar හෝ char datatype දිපුව ' ' ඇතුලේ තමයි enter කරන්නේ.මේකෙත් අන්තිමට ; දාන්න ඕන.

insert into Exam

values(1,'Database','2015-06-16'),(2,'Mathematics','2015-06-20');

ඊලග table එකට data දාන විදිය තමයි උඩ තියෙන්නේ.එකේ 1 example එකක් තම දුන්නේ.එකේ date කියන datatype එක දුන්නම් ' ' ඇතුලේ දිල තියෙන format එකට තම දාන්න ඕන.

මේ විදියට තමා create table & insert into use කරන්නේ.












No comments:

Post a Comment