Monday, September 5, 2016

Social media කියන්නෙ බුකිය විතරමද?


ගොඩක් අයට social media කිව්වම මතක් වෙන්නෙ fb එක විතරමයි. එක්කො youtube, twitter. ඒව මතක් වෙන්නෙත් පස්සෙ. ඒ තරමටම fb තමයි අපිට ගොඩක් හුරුපුරුදු වෙලා තියෙන්නෙ.

Social media?

Social media කියන්නෙ අන්තර්ජාලය ඔස්සේ පරිගණකය හෝ ජංගම දුරකතනය හෝ වෙනයම් මාධ්‍යයකින් පිරිසක් සමග සම්බන්ධ වෙලා අදහස් දක්වන්න පුලුවන් එකතරා මාධ්‍යයක්.අදහස් දක්වන්න photo, video, articles වගේ දේවල් උනත් වෙන්න පුලුවන්. මෙතන ප්‍රධාන දේ වෙන්නෙ පිරිසක් virtual  විදියට එකතු වෙන එක. 

ඉතිහාසේ

social media ඉතිහාසය 1997 තරම් ඈතට දිව යනවා. ඒ කියන්නේ ලංකාවට internet ඇවිල්ලත් අවුරුදු දෙකයි. පලවෙනි social media site එක විදියට සැලකෙන්නෙ sixdegrees.com. Andrew Weinreich කියන පුද්ගලයා තමා මේක හොයාගත්තේ. 2001 දී මේක අක්‍රිය කරලා තියෙනවා. 
Makeoutclub කියල 2000 දී තමා ඊලග social media යෙදුම අවේ. 2005 වගේ කාලෙ වෙනකොට mySapce තමයි ලෝකෙම ප්‍රසිද්ධ social media සිතේ එක වෙලා තියෙන්නෙ. එහෙම දියුණුවුණ social media,  අද වෙනකොට 100කට වැඩිය තියෙනවා.

What about social media?

social media කිව්වම ඒකෙ usage එක අනුව එකේක  හදුන්වාදෙන්න පුළුවන්. photography, professional, music, sports වගේ විවිධ අංශවලට සම්බන්ධ social media තියෙනවා. 
photos share කරන්න, ලෝකේ ප්‍රසිද්ධ photographers ලගෙ photos, events share වෙන ප්‍රසිද්ධ site එකක් තමා flickr.com. ඒ වගේම instagram, 500px, photobucket කියන්නේ ඒ වගේම ප්‍රධාන photo sharing social media sites.
MOG, 8tracks වගේ sites music වලට සම්බන්ද sites විදියට  පුළුවන්.
LinkedIn කියන්නේ professional social media site එකක්. ඒකෙන් තමුන්ගේ carrier එක share කරන්න වගේම අනිත් අයගේ carrier එක බලන්න පුලවන්. ඒ වගේම ඒ අය එක්ක  connect වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අද කාලෙ CV එක විදියට use කරන්නෙ මේ site එක තමා.


නැතුවම බැරි social media sites

අද කලේ නැතුවම බැරි social media යෙදුම් විදියට කතා කරන්න වෙන්න fb, youtube, twitter, whatsap තමා.
facebook එක මුලින්ම  තියෙන්නෙ 2004 අවුරුද්දේ Harvard university එක මුල් කරගෙන, Mark Zuckerberg ඇතුළු කණ්ඩායමක් විසින්. පස්සේ 2006 අවුරුද්දේ තම මේක ලෝකයටම විවෘත උනේ. මේ තියෙන්නේ මුල්ම කලේ fb page එකක්.

මේ වනවිට අදායම් වාර්තා තියල fb එක මුල්‍ය වාර්තා අතරට එක් වෙලා තියෙනවා. ඒත් අද වන විට fbවල කොටස් විකුණලා Mark  අයිතිව තියෙන්නේ 53%. 
Instagram කියන්නේ photo sharing medium එකක්. මේක smart phone base කරගත්ත application එකක්. ඒ වගේම internet browser එකකින් උනත් log වෙන්න පුළුවන් fb වගේ. මේකත් මෙහෙයවන්නෙ facebook මගින්ම තමයි.
whatsapp කියන්නෙ smart phone වලට හදුන්වා දීල තියෙන messenger application එකක්. මේකත් social media tool එකක් විදියට  පුළුවන්. fb එකේම Messenger ap එකත් මේ වගේ එකක් තමයි.
මීට අමතරව linkedIn, viber, G+ වගේ ඒවත් ප්‍රධාන පෙලේ social media applications.

මේවයින් කොහොමද හරි වැඩක් ගන්නේ?

ගොඩක් අය social media වලින් කරන්නේ වටිනා කාලය නාස්ති කරන එක. හැබැයි විවේක කාලයකට භාවිත කර කියල වැරද්දක් කියන්න බෑ. මේවා හරියට පාවිච්චි කරනව නම් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දැකල තියෙනවා සල්ලි වියදම් නොකර ad දානවා. එකත් වාසියක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම සල්ලි දීලත් ad දන්නා පුළුවන්.(sponcer)
ඒ වගේම social activities oraganize කරන්න හොද platform එකක් තම social media කියන්නේ. අපේ රටේ වෙන ගොඩක් events promote කරන්න fb, twitter වගේ දේවල් use කරනවා දැන්.එක හොද trend එකක් කියල කියන්න පුළුවන්. 
ඒ වගේම අදහස් ප්‍රකාශ කරන්න වුනත් social media භාවිත කරන්න පුළුවන්. පරණ යාළුවො හොයා ගන්නත් මේක හොද ක්‍රමයක්. හොද විදියට මොළේ පාවිච්චි කරලා social media භාවිත කරනවා නම් social media කියන්නේ හොද දෙයක්.

Security issues


social media එක්ක වැඩ කරනකොට තමුන්ගේ වගේම privacy එක ගැන හොදට හිතන්න ඕන.මොකද ලොකු ප්‍රශ්න ඇති වෙන තැනක් තම social media කියන්නේ. එක නිසා බුද්ධිමත්ව social media එක්ක වැඩ කරන්න ඕන. උදාහරණයක් විදියට තමන් photo එකක් upload කරොත් එකෙන් තමන්ට හෝ වෙනත් කෙනෙක්ට  ප්‍රශ්නයක් වෙනවද කියලා හිතන්න ඕන. මොකද පස්සෙ delete කරත්, ඒ වෙනකොට වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙලා ඉවර වෙන්න පුළුවන්.
ඊට අමතරව social media sitesවලට තමන් දන password එක ගැන සැලකිලිමත් වෙන්න ඕන ගොඩක්.  guess කරන්න බැරි විදියට දන්නා පුළුවන් නම් ගොඩක් ආරක්‍ෂිත වෙන්න පුළුවන්. 
ඒ වගේම තමන්ට විශ්වාස නැති තැන වලින් social media sites වලට log වෙන්න  එපා. මොකද passowrd එක save වෙන්න ක්‍රම හදල තියෙන්න පුළුවන්. එතාකොට logout උනත් වැඩක් නෑ, password එක වෙන කෙනෙක් අතට ගිහින් ඉවර නිසා. 
තවත් password අනිත අයගේ අතට යන භයානක ක්‍රමයක් තමයි pishing කියන්නේ. හැබැයි එකට ප්‍රධානම හේතුව වෙන්නේ තමන්ගේ නොසැලකිලිමත් බව. වැරදි web site එකකට තමන්ව යොමු කරවල password එක හොර ගන්න ක්‍රමයක් තම pishing කියන්නේ.
මේ security issues නිසා social media sites වලින් විවිධ solutions දීල තියෙනවා. Google හදුන්වා දීල තියෙනවා තියෙනවා Google Authenticator. ඒකෙන් google application එකක් access කරනකොට two-step verification එකක් ඉල්ලනවා. 
facebook වලත් two-step verification කියන දේ හදුන්ව දීල තියෙනවා.
මිට අමතරව privacy පැත්තෙන් කතා කරොත් impersonation වගේ දේවල් social media එක්ක වෙන්න පුළුවන්. ඒ කියන්නෙ වෙන කෙනෙක් විදියට පුද්ගලයෙක්කුට පුළුවන් හැසිරෙන්න. එකෙන් වැරදි තොරතුරු share වෙන්න පුළුවන් වගේම වැරදි කෙනෙක් අතට  රහස්‍ය වගේම වටිනා දත්ත/අදහස් හුවමාරු වෙන්න පුළුවන්. Fb වල නම් ඒ වගේ account එකක් block කරන්න වගේම report කරන්න පුළුවන්. 
තවත් privacy සම්බන්ද issue එකක් තමා 3rd party applications භාවිතය. එකෙන් තමුන්ගෙ account එකට යම් දුරකට access ලැබෙන්න පුළුවන් නොදන්නා පාර්ශවයකට. ඒක trust කරන්න බැරි applicationවලට access allow නොකරන තරමට තම හොද.

තමුන්ට social mediaවලින් කරදරයක් වුණොත්?

තමුන්ට social media හෝ internet සම්බන්දයෙන් කරදරයක්, අපහසුතාවයක් හෝ ඒ සම්බන්ද දෙයක් වුනොත මොනවද කරන්න පුළුවන්? ඇත්තටම එකට නීතියේ  පතන්න පුළුවන් තමුන්ට. එකට රජය විසින් පවත්වාගෙන යන ආයතනයක් තියෙනවා CERT කියල. ඒක හරහා තමුන්ට යම් සරණක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. හැබැයි එකේ ක්‍රියාකාරිත්වය ගැන නම් කියන්න වැඩි දෙයක් දන්නේ නෑ. ඒ ගැන වැඩි  link එකෙන් ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවෙ social media day එක

social media day කියන එක ලෝකෙම සමරන දිනයක්. ජුනි මාසේ 30 තම social media day එක විදියට සමරන්නේ. ලංකාවෙත් social media day එක සමරනවා. Etisalat ආයතනය විසින් තමයි මේක oraganize කරන්නේ. මේ අවුරුද්දේ ජුලි මාසේ 16 තම ඒ දිනය සමරුවේ. එකේදී ලංකාවේ social mediaවල ප්‍රසිද්ධ චරිත එකතුවෙලා ඒ ඒ අයගේ social media ජීවිතය ගැන අදහස් හුවමාරුවක් තම වෙන්න. ඒ වගේම විනෝදාත්මක event එකක් තම social media day එක. ඒ පිළිබද වැඩි විස්තර මේ link එකෙන් බලන්න පුලවන්.