Wednesday, May 25, 2016

MySQL 1

අද ඉදන් mySQL ගැන post කීපයක් දාන්න හිතුව.

mySQL කියන්නෙ databases වල use කරන database programming language එකක්. හැබැයි මේක අපි use කරන programming languages වගේ එකක් නෙමේ.මේක scripting වර්ගයේ එකක්.
SQL කියන්නෙ structured query language කියන එක.
මිට අමතරව SQL , SQLite ,Oracle වගේ DB query languages තියෙනව.

database එකක් හදන හැටි බලමු.
CREATE DATABASE <DBNAME>
මේ හදපු DB එකට tables දාන්න create table command එක use කරන්න ඕන.

ඉතුරු ටික ප්‍රශ්න වලින්ම කියල දෙන එක තෙරුම් ගන්න ලේසි වේවි.

1.create these tables




















මේකේ දීල තියෙන පළවෙනි table එක හදන්න ඕන query එක තමා මේ.


create table Student
(
student_id int not null,
firstname varchar(10),
lastname varchar(10),
primary key (student_id)
);

table එකක් create කරන කොට create table කියන keyword එක අනිවාර්යයෙන් use කරන්න ඕන.ඊළගට table එකට දාන්න ඕන name එක දෙන්න.
ඊටපස්සේ () ඇතුලේ table එකේ තියෙන column names දෙන්න ඕන.
ඒකෙදි මුලින්ම column name එක, data type එක දාන්න ඕන.ඊට අමතරව තව keywords දාන්න වෙනවා.ඒවා පස්සේ බලමු.

මේකේ student_id එක int එහෙම නැත්තම් ඉලක්කම් තියෙන කොට තම int use කරන්නේ.
names වල තියෙන්නෙ characters නිසා char/varchar තමා use කරන්නේ.
මේ char & varchar වල වෙනස මේකයි.අපි datatype එක declare කරනකොට varchar(10) කියල කිව්වොත් ඒ අදාල වචනෙ store කරන්න 10ම allocate වෙන්නනේ නෑ.අකුරු 10ක උපරිමෙකට store වෙනවා.ඒ කියන්නේ අපි අකුරු 8ක වචනයක් දුන්නොත් 8ක් තම allocate වෙන්නේ.හැබැයි char(10) කියල දුන්නොත් අකුරු 5ක් උනත් 10කට ඉඩ allocate වෙනවා.
මේකේ විදියට firstname &lastname වලට varchar (10) කියල තියෙනව.
ඊට පස්සේ තියෙන්න primary key මොකද්ද කියල assign කරන වැඩෙ.
ඒක ලියන්නේ primary key කියල දිල () ඇතුලෙ primary key එක කරන්න ඕනේ column එක දෙන්න ඕන.
මේ සේරම ලියන්න ඕන () ඇතුලෙ කිව්වනේ.() අන්තිමට අනිවාර්යයෙන් ; දාන්න ඕන.සමහර වෙලාවට ; නැතිඋනොත් query එක වැඩ නොකරන්න පුළුවන්.

create table Exam
(
exam_id int not null,
subject varchar(20),
date date,

primary key (exam_id)
);

මේකෙ not null කියල දිල තියෙන්නේ exam_id  කියන column එකට අනිවාර්යයෙන් මොනවා හරි data enter වෙන්න ඕන නිසා.ඒ හින්දා exam_id එකට මුකුත් නොදා ඊලග ඒවාට යන්න බෑ. 
ඊට පස්සේ තියෙනව date කියල එකක්.එකේ datatype එකට දීල තියෙන්නෙත් date කියන එකමයි.එකෙන් වෙන්නෙ date කියන datatype එක assign වෙන එක.
create table Grade

(
student_id int not null,
exam_id int not null,
grade varchar(1),
foreign key(student_id) references Student(student_id) 

foreign key(exam_id) references Exam(exam_id)
);

මේකේ තියෙන අලුත් දේ තමයි foreign key කියන එක.එකෙන් වෙන්නේ වෙන table එකක් තියෙන primary key එකක් මේ table එකේ key එකක් විදියට යොදා ගන්න එක.

දැන් බලමු හදපු tables වලට කොහොමද data enter කරන්නේ කියල.

insert into Student
values(100,'Namal','Dias'), (101,'Saman','Perera'), (102,'Zeena ','Alfred'), (103,'Susan','Scott');

මේ විදියට තමයි Student table එකට data ටික enter කරන්නේ. INSERT INTO තමයි keyword එක වෙන්නේ.
ඊටපස්සේ values කියල type කරල () ඇතුලෙ data ටික පිළිවෙලට enter කරන්න ඕන. එකේදී varchar හෝ char datatype දිපුව ' ' ඇතුලේ තමයි enter කරන්නේ.මේකෙත් අන්තිමට ; දාන්න ඕන.

insert into Exam

values(1,'Database','2015-06-16'),(2,'Mathematics','2015-06-20');

ඊලග table එකට data දාන විදිය තමයි උඩ තියෙන්නේ.එකේ 1 example එකක් තම දුන්නේ.එකේ date කියන datatype එක දුන්නම් ' ' ඇතුලේ දිල තියෙන format එකට තම දාන්න ඕන.

මේ විදියට තමා create table & insert into use කරන්නේ.












Tuesday, May 17, 2016

Viewing a password that saved already


ගොඩක් වෙලාවට අපි passwords save කරනව ලේසියට, හැබැයි ටික කාලෙකින් අමතක වෙනවා. එහෙම උනොත් password එක හොයන ක්‍රමයක් තමයි මේක.


මුලින්ම password එක dot විදියට තියෙන තැනට ගිහින් right click කරන්න. එතකොට එන list එකේ inspect කියන එක ඔබන්න. Google chrome එකේ නම් තියෙන්නේ එහෙමයි, වෙන browsers වලත් ඒ හා සමාන නමක් ඇති.


එතකොට inspect window එක open වේවි. එතකොට ඒ අදාළ කොටස අළු පාටින් පේන විදියට highlight වෙලා පෙනේවි. ඒ හරියේ පොඩ්ඩක් හොයල බලන්න <input type="password"> කියල ඇති.

ඒකෙ password වෙනුවට text කියල type කරලා enter කරන්න. එතකොට තමන් දිපු password  එක බලාගන්න පුළුවන්. html දන්න යට නම් මේක ලේසියෙන් කරගන්න පුළුවන්.

Tuesday, May 3, 2016

Google Input Tools


අද මම කියන්නෙ google input tools ගැන. unicodeවලින් type කරන වැඩක් තමා මේකෙත් වෙන්නෙ.
මේකෙ වාසිය තමයි අපිට type කරන්න ඕන තැනම අපිට මේක use කරන්න පුලුවන්.
මුලින්ම අපි මේක install කර ගන්න ඕන. හැබැයි  මම කියන්න හදන්නෙ google chrome එකේ extension එකක් විදියට මේක use කරන හැටි.
1. මුලින්ම http://www.google.com/inputtools/ කියන web site එකට යන්න.
2. එකෙ on Chrome  කියන tab එකෙන් google input toolsවලට අදාල extension එක download කරගන්න.
3. download කරාට පස්සෙ chrome://extensions/ කියල type කරල extension settings වලට යන්න.
4. tick එක disable වෙලා නම් tick එක දාල enable කරන්න.

5. ඊට පස්සෙ අපිට ඕන language එක select කරන්න Option  button එක ඔබන්න.
6. එතනින් අපිට ඕන language එක විදියට සිංහල දෙන්න.
















7. අපිට ඕන වෙලාවට Sinhala type කරන්න search bar එකේ තියෙන keyboard ලකුණ press කරල සිංහල      තෝරන්න.

Important things in using Google Input Tool

* සිංහලෙන් type කරද්දි suggestion එනව. ඒව use කරන්න අදාළ වචනෙට දිල තියෙන ඉලක්කම press කරාම හරි.
* අදාල වචනෙ select කරලා නැවතීමෙ තිත තිව්වම ඉබේම '.' එකත් එක්ක ඉවර කරන්න පුලුවන්.

Quitting from the tool 

sinhala keyboard එක ගත්ත තැන අයෙත් press කරාම එන tick එක remove කරාම අයෙත් සුපුරුදු විදියට වැඩ කරන්න පුලුවන්.