pwd
command එකෙන් කියන්නේ print working directory කියන එක.ඒකෙන් වෙන්නේ අපි දැනට වැඩ කරන directory එකේ path එක print වෙන එක.
Directory එකක තියෙන files terminal එකේ බලන්නෙ ls command එකෙන්.
ls~ command එකෙන් home directory එකේ files list කරනව.
ls -l command එකෙන් long format එකෙන් files වල details ලැබෙනව.
cd මගින් තමයි අපිට ඕන folder එකට එහෙම නැත්තං directory එකට යන්නේ.cd වලත් options කීපයක් තියෙනවා
cd/ root directory එකට යනවා
cd home directory එකට යනවා
cd .. දැනට ඉන්න directory එකෙන් එක level එකක් උඩට යනවා
cd - කලින් directory එකට යනවා
ඊට අමතරව cd (directory name) දුන්නාම ඒ directory එකට navigate කරන්න පුළුවන්
cp command එකෙන් අපිට file වගේම directories copy කරන්න පුළුවන්.
File එකක් copy කරන කොට,
cp filename newfilename කියන පිළිවෙළට තමා type කරන්න ඕන.
cp filename newfilepath වලින් අපිට ඕන තැනකට file එක copy කරන්න පුළුවන්.
directory එකක් copy කරන කොට ඒකෙ තියෙන සේරම files හා subdirectories copy කරන්න recursive method ඒකක use කරන්න ඕන.ඒකට අපි use කරන්නේ මේ විදිය.
cp -r directory nameofnewdirectory
mv තමයි moving වලට ගන්න syntax එක.
mv filename newdirectory
Directory එකක් හරි file එකක් delete කරන්න නම් rm command එක තමා use කරන්න ඕන.
File එකක් delete කරන්න නම්,
rm filename
Directory එකක් delete කරන්න නම්,
rm -r directoryname
-r කියන එකෙන් වෙන්නෙ recursive විදියට directory එකේ තියෙන සේරම දේවල් delete කරන එක.
rmdir directoryname වලින් empty directory එකක් delete කරන්න තමා පුළුවන්. Empty නැති එකක් සම්පූර්ණයෙන් delete කරන්න තමා උඩින් කියපු -r use කරන්නෙ.
rm -f වලින් කරන්නෙ force removal එකක්.
rm -rf ඇතුළෙ තියෙන දේවල් එක්ක මුළු directory එකම delete කරන්න තමා force recursive යොදා ගන්නෙ.
mkdir directoryname