Wednesday, November 16, 2016
Sunday, November 13, 2016
Thursday, November 10, 2016
Monday, September 5, 2016
Social media කියන්නෙ බුකිය විතරමද?
මිට අමතරව privacy පැත්තෙන් කතා කරොත් impersonation වගේ දේවල් social media එක්ක වෙන්න පුළුවන්. ඒ කියන්නෙ වෙන කෙනෙක් විදියට පුද්ගලයෙක්කුට පුළුවන් හැසිරෙන්න. එකෙන් වැරදි තොරතුරු share වෙන්න පුළුවන් වගේම වැරදි කෙනෙක් අතට රහස්‍ය වගේම වටිනා දත්ත/අදහස් හුවමාරු වෙන්න පුළුවන්. Fb වල නම් ඒ වගේ account එකක් block කරන්න වගේම report කරන්න පුළුවන්.
තවත් privacy සම්බන්ද issue එකක් තමා 3rd party applications භාවිතය. එකෙන් තමුන්ගෙ account එකට යම් දුරකට access ලැබෙන්න පුළුවන් නොදන්නා පාර්ශවයකට. ඒක trust කරන්න බැරි applicationවලට access allow නොකරන තරමට තම හොද.
තමුන්ට social mediaවලින් කරදරයක් වුණොත්?
තමුන්ට social media හෝ internet සම්බන්දයෙන් කරදරයක්, අපහසුතාවයක් හෝ ඒ සම්බන්ද දෙයක් වුනොත මොනවද කරන්න පුළුවන්? ඇත්තටම එකට නීතියේ පතන්න පුළුවන් තමුන්ට. එකට රජය විසින් පවත්වාගෙන යන ආයතනයක් තියෙනවා CERT කියල. ඒක හරහා තමුන්ට යම් සරණක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. හැබැයි එකේ ක්‍රියාකාරිත්වය ගැන නම් කියන්න වැඩි දෙයක් දන්නේ නෑ. ඒ ගැන වැඩි link එකෙන් ගන්න පුළුවන්.
Saturday, August 20, 2016
Database Servers
- share data දත්ත හුවමාරුව
- data integrity දත්තවල සත්‍යබව
- data security දත්ත සුරක්ෂිතතාව
- control redundancy අනවශ්‍ය අතිරික්තතව පාලනය
වාසි අවාසි !!!
New trends
A database server installed in FB HQ |
Security of database servers
Wednesday, May 25, 2016
MySQL 1
mySQL කියන්නෙ databases වල use කරන database programming language එකක්. හැබැයි මේක අපි use කරන programming languages වගේ එකක් නෙමේ.මේක scripting වර්ගයේ එකක්.
SQL කියන්නෙ structured query language කියන එක.
මිට අමතරව SQL , SQLite ,Oracle වගේ DB query languages තියෙනව.
database එකක් හදන හැටි බලමු.
CREATE DATABASE <DBNAME>
මේ හදපු DB එකට tables දාන්න create table command එක use කරන්න ඕන.
ඉතුරු ටික ප්‍රශ්න වලින්ම කියල දෙන එක තෙරුම් ගන්න ලේසි වේවි.
මේකේ දීල තියෙන පළවෙනි table එක හදන්න ඕන query එක තමා මේ.
create table Student
(
student_id int not null,
firstname varchar(10),
lastname varchar(10),
primary key (student_id)
);
table එකක් create කරන කොට create table කියන keyword එක අනිවාර්යයෙන් use කරන්න ඕන.ඊළගට table එකට දාන්න ඕන name එක දෙන්න.
ඊටපස්සේ () ඇතුලේ table එකේ තියෙන column names දෙන්න ඕන.
ඒකෙදි මුලින්ම column name එක, data type එක දාන්න ඕන.ඊට අමතරව තව keywords දාන්න වෙනවා.ඒවා පස්සේ බලමු.
මේකේ student_id එක int එහෙම නැත්තම් ඉලක්කම් තියෙන කොට තම int use කරන්නේ.
names වල තියෙන්නෙ characters නිසා char/varchar තමා use කරන්නේ.
මේ char & varchar වල වෙනස මේකයි.අපි datatype එක declare කරනකොට varchar(10) කියල කිව්වොත් ඒ අදාල වචනෙ store කරන්න 10ම allocate වෙන්නනේ නෑ.අකුරු 10ක උපරිමෙකට store වෙනවා.ඒ කියන්නේ අපි අකුරු 8ක වචනයක් දුන්නොත් 8ක් තම allocate වෙන්නේ.හැබැයි char(10) කියල දුන්නොත් අකුරු 5ක් උනත් 10කට ඉඩ allocate වෙනවා.
මේකේ විදියට firstname &lastname වලට varchar (10) කියල තියෙනව.
ඊට පස්සේ තියෙන්න primary key මොකද්ද කියල assign කරන වැඩෙ.
ඒක ලියන්නේ primary key කියල දිල () ඇතුලෙ primary key එක කරන්න ඕනේ column එක දෙන්න ඕන.
මේ සේරම ලියන්න ඕන () ඇතුලෙ කිව්වනේ.() අන්තිමට අනිවාර්යයෙන් ; දාන්න ඕන.සමහර වෙලාවට ; නැතිඋනොත් query එක වැඩ නොකරන්න පුළුවන්.
create table Exam
(
exam_id int not null,
subject varchar(20),
date date,
primary key (exam_id)
);
මේකෙ not null කියල දිල තියෙන්නේ exam_id කියන column එකට අනිවාර්යයෙන් මොනවා හරි data enter වෙන්න ඕන නිසා.ඒ හින්දා exam_id එකට මුකුත් නොදා ඊලග ඒවාට යන්න බෑ.
ඊට පස්සේ තියෙනව date කියල එකක්.එකේ datatype එකට දීල තියෙන්නෙත් date කියන එකමයි.එකෙන් වෙන්නෙ date කියන datatype එක assign වෙන එක.
create table Grade
(
student_id int not null,
exam_id int not null,
grade varchar(1),
foreign key(student_id) references Student(student_id)
foreign key(exam_id) references Exam(exam_id)
);
මේකේ තියෙන අලුත් දේ තමයි foreign key කියන එක.එකෙන් වෙන්නේ වෙන table එකක් තියෙන primary key එකක් මේ table එකේ key එකක් විදියට යොදා ගන්න එක.
දැන් බලමු හදපු tables වලට කොහොමද data enter කරන්නේ කියල.
insert into Student
values(100,'Namal','Dias'), (101,'Saman','Perera'), (102,'Zeena ','Alfred'), (103,'Susan','Scott');
මේ විදියට තමයි Student table එකට data ටික enter කරන්නේ. INSERT INTO තමයි keyword එක වෙන්නේ.
ඊටපස්සේ values කියල type කරල () ඇතුලෙ data ටික පිළිවෙලට enter කරන්න ඕන. එකේදී varchar හෝ char datatype දිපුව ' ' ඇතුලේ තමයි enter කරන්නේ.මේකෙත් අන්තිමට ; දාන්න ඕන.
insert into Exam
values(1,'Database','2015-06-16'),(2,'Mathematics','2015-06-20');
ඊලග table එකට data දාන විදිය තමයි උඩ තියෙන්නේ.එකේ 1 example එකක් තම දුන්නේ.එකේ date කියන datatype එක දුන්නම් ' ' ඇතුලේ දිල තියෙන format එකට තම දාන්න ඕන.
මේ විදියට තමා create table & insert into use කරන්නේ.
Tuesday, May 17, 2016
Viewing a password that saved already
ගොඩක් වෙලාවට අපි passwords save කරනව ලේසියට, හැබැයි ටික කාලෙකින් අමතක වෙනවා. එහෙම උනොත් password එක හොයන ක්‍රමයක් තමයි මේක.
මුලින්ම password එක dot විදියට තියෙන තැනට ගිහින් right click කරන්න. එතකොට එන list එකේ inspect කියන එක ඔබන්න. Google chrome එකේ නම් තියෙන්නේ එහෙමයි, වෙන browsers වලත් ඒ හා සමාන නමක් ඇති.
එතකොට inspect window එක open වේවි. එතකොට ඒ අදාළ කොටස අළු පාටින් පේන විදියට highlight වෙලා පෙනේවි. ඒ හරියේ පොඩ්ඩක් හොයල බලන්න <input type="password"> කියල ඇති.
ඒකෙ password වෙනුවට text කියල type කරලා enter කරන්න. එතකොට තමන් දිපු password එක බලාගන්න පුළුවන්. html දන්න යට නම් මේක ලේසියෙන් කරගන්න පුළුවන්.
Tuesday, May 3, 2016
Google Input Tools
අද මම කියන්නෙ google input tools ගැන. unicodeවලින් type කරන වැඩක් තමා මේකෙත් වෙන්නෙ.
මේකෙ වාසිය තමයි අපිට type කරන්න ඕන තැනම අපිට මේක use කරන්න පුලුවන්.
මුලින්ම අපි මේක install කර ගන්න ඕන. හැබැයි මම කියන්න හදන්නෙ google chrome එකේ extension එකක් විදියට මේක use කරන හැටි.
1. මුලින්ම http://www.google.com/inputtools/ කියන web site එකට යන්න.
2. එකෙ on Chrome කියන tab එකෙන් google input toolsවලට අදාල extension එක download කරගන්න.
3. download කරාට පස්සෙ chrome://extensions/ කියල type කරල extension settings වලට යන්න.
4. tick එක disable වෙලා නම් tick එක දාල enable කරන්න.
5. ඊට පස්සෙ අපිට ඕන language එක select කරන්න Option button එක ඔබන්න.
6. එතනින් අපිට ඕන language එක විදියට සිංහල දෙන්න.
7. අපිට ඕන වෙලාවට Sinhala type කරන්න search bar එකේ තියෙන keyboard ලකුණ press කරල සිංහල තෝරන්න.
Important things in using Google Input Tool
* සිංහලෙන් type කරද්දි suggestion එනව. ඒව use කරන්න අදාළ වචනෙට දිල තියෙන ඉලක්කම press කරාම හරි.
* අදාල වචනෙ select කරලා නැවතීමෙ තිත තිව්වම ඉබේම '.' එකත් එක්ක ඉවර කරන්න පුලුවන්.
Quitting from the tool
sinhala keyboard එක ගත්ත තැන අයෙත් press කරාම එන tick එක remove කරාම අයෙත් සුපුරුදු විදියට වැඩ කරන්න පුලුවන්.
Sunday, March 27, 2016
Basic Unix Terminal Commands
pwd
command එකෙන් කියන්නේ print working directory කියන එක.ඒකෙන් වෙන්නේ අපි දැනට වැඩ කරන directory එකේ path එක print වෙන එක.
Directory එකක තියෙන files terminal එකේ බලන්නෙ ls command එකෙන්.
ls~ command එකෙන් home directory එකේ files list කරනව.
ls -l command එකෙන් long format එකෙන් files වල details ලැබෙනව.
cd මගින් තමයි අපිට ඕන folder එකට එහෙම නැත්තං directory එකට යන්නේ.cd වලත් options කීපයක් තියෙනවා
cd/ root directory එකට යනවා
cd home directory එකට යනවා
cd .. දැනට ඉන්න directory එකෙන් එක level එකක් උඩට යනවා
cd - කලින් directory එකට යනවා
ඊට අමතරව cd (directory name) දුන්නාම ඒ directory එකට navigate කරන්න පුළුවන්
cp command එකෙන් අපිට file වගේම directories copy කරන්න පුළුවන්.
File එකක් copy කරන කොට,
cp filename newfilename කියන පිළිවෙළට තමා type කරන්න ඕන.
cp filename newfilepath වලින් අපිට ඕන තැනකට file එක copy කරන්න පුළුවන්.
directory එකක් copy කරන කොට ඒකෙ තියෙන සේරම files හා subdirectories copy කරන්න recursive method ඒකක use කරන්න ඕන.ඒකට අපි use කරන්නේ මේ විදිය.
cp -r directory nameofnewdirectory
mv තමයි moving වලට ගන්න syntax එක.
mv filename newdirectory
Directory එකක් හරි file එකක් delete කරන්න නම් rm command එක තමා use කරන්න ඕන.
File එකක් delete කරන්න නම්,
rm filename
Directory එකක් delete කරන්න නම්,
rm -r directoryname
-r කියන එකෙන් වෙන්නෙ recursive විදියට directory එකේ තියෙන සේරම දේවල් delete කරන එක.
rmdir directoryname වලින් empty directory එකක් delete කරන්න තමා පුළුවන්. Empty නැති එකක් සම්පූර්ණයෙන් delete කරන්න තමා උඩින් කියපු -r use කරන්නෙ.
rm -f වලින් කරන්නෙ force removal එකක්.
rm -rf ඇතුළෙ තියෙන දේවල් එක්ක මුළු directory එකම delete කරන්න තමා force recursive යොදා ගන්නෙ.
mkdir directoryname
Thursday, March 24, 2016
vCard
අද මම කියන්නේ vCards ගැන. Smart phone use කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා අලුත් phone එකක් ගත්තොත් contacts ටික කොහොමද ගන්නෙ කියල. ඒකට හොදම විසදුම තමා contacts ටික .vcf කියන format එකට export කරල තියෙන එක.phone එක මාරු කරනවා වගේම contacts ටික වැරදිලා delete වුනොත් ආයෙත් ගන්න .vcf file එකක් විදියට backup කරලා තිබ්බ නම් ලේසියි.backup එක google drive වගේ cloud space එකක තිබ්බ නම් තමා හොද.
Making a vCard file
දැන් කතා කරමු කොහොමද අලුත්ම contacts list එකක් හදා ගන්නෙ කියල. Windows වලට නම් softwares තියෙනවා gui එකක් එක්ක හදපු.ඒත් mac linux වලට එහෙම හොයාගන්න අමාරුයි.mac වලට නම් තිබ්බත් සල්ලිවලට තමා.
Text editor එකක code ආකාරයට කොහොමද කරන්නෙ කියල තමා මම මේ post එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ.
ඕනම text editor එකක් open කරලා මෙන්න මේ ටික type කරන්න.
BEGIN:VCARD
VERSION:2.1
FN:
TEL;CELL:
END:VCARD
Version කියන එක 2.1 වලට නම් අනිවාර්ය නෑ.ඒත් ඊට පස්සෙ version වලට අනිවාර්යයි.
FN කියන්නේ full name එක.
Tel cel කියන තැනට tp number එක දාන්න.
මීට අමතරව අපිට email, address ,bday දාන්න නම් version tag එකට පහළින් මේව දාන්න ගැලපෙන විදියට.
Address - ADR; TYPE=HOME:******
Bday - BDAY:19900101
Email - EMAIL:*****@gmail.com
Gender - GENDER:M
URL - URL:http://www.****.com
මේ කිව්වෙ පොඩි tags කීපයක්.මීට අමතරව ගොඩක් tags තියෙනවා.
මේ විදියට තමා vCard file එකක් හැදෙන්නේ.
Saving vCard file
මෙහෙම ලියපු file එක save කරන්න ඕන .vcf කියන extension එක දීල.
ඊට පස්සේ අපිට backup එකක් විදියට drive එකේ තියාගන්න ගමන් phone එකට import කරගන්න පුළුවන්. එක සැරේ contacts ගොඩක් දාගන්න නම් තමා මේ ක්‍රමය හොද.
අනික අපිට ඕන විදියට fields customize කරගන්න පුළුවන් මේ ක්‍රමේට.
Wednesday, March 23, 2016
Vi Editor
Vi editor එකෙන් file එකක් හදන්න නම් terminal එකේ vi test කියල type කරල enter කරන්න ඕන. ඒත අපි file එකක් හදන කොට extension එකක් දාන්න ඕන.
අපිට text file එකක් හදන්න ඕන නම් vi test.txt කියල use කරන්න.
Bash එක්ක සම්බන්ධ නිසා අපි vi test.sh කියල use කරමු.මෙහෙම හදන file එක හැදෙන්නේ default directory එකේ.අපිට ඕන path එක cd command එකෙන් හදන්න ඕන.
අපිට desktop එකේ bash1 කියන folder එකේ මේ file එක හදන්න ඕන කියල හිතමු.
cd desktop/bash1 කියන command එකෙන් directory එක bash1 folder එකට set කරන්න පුළුවන්. හරියට path එක set වෙලාද බලන්න pwd command එක use කරන්න.
දැන් test.sh කියන file එක vi editor එකේ open වේවි. ඒකෙ මොනවා හරි type කරන්න නම් i press කරලා හෝ insert press කරල editing mode එහෙම නැත්තං insert mode එකට set කරගන්න ඕන.
ඊට පස්සෙ අපිට ඕන bash commands type කරන්න ඕන. file එක හදල ඉවර වෙලා exit වෙන්න esc press කරන්න.
Save කරන්න :wq or zz
Save නොකර exit වෙන්න :q!
Save කරන්න :w
Save as කරන්න :w <newfilename>
arrow keys වලට අමතරව file එක through cursor එක move කරන්න esc double press කරල k,j,h,l කියන keys up,down,left,right කියන පැති වලට move කරන්න පුළුවන්.
ඒ වගේම lines කීපයක් එක සැරේ move කරන්න නම් 2j , 7k වගේ ඉස්සරහට number එකක් use කරල move කරන්න පුළුවන්.
ඒ වගේ මේ පහළ තියෙන keys වලින් වැඩ කරන්න පුළුවන් file එකේ move වෙන්න.
$ - end of the line
:x - x වන line එකේ මුලට යනව
G - last line
Tuesday, March 22, 2016
Bash fundamentals in Sinhala
Intro
මගේ පලවෙනි post එක විදියට මම දාන්න හිතුවෙ bash ගැන.ගොඩක් අය මේ ගැන අහල ඇති.ඒත් වැඩි දෙයක් දන්නෙ නැතුව ඇත.
Bash කියන්නෙ shell වර්ගයක්. ඉස්සෙල්ලා මම කියන්නම් shell එකක් කියන්නෙ මොකද්ද කියල. Shell එකක් කියන්නෙ unix environment එකේ commands kernel එකට දීල වැඩ ගන්න පුළුවන් දෙයක් කියල බොහොම ප්‍රාථමික විදියට හදුන්වා දෙන්න පුලුවන. මුලින්ම කියන්න ඕන kernel එකයි shell එකයි කියන්නෙ දෙකක්. Shell එකෙන් දෙන commands kernel එකට තමා යන්නෙ.ඒ කියන්නෙ අපේ computer එකේ kernel එකට් access කරන්න පුලුවන් සුපිරි භාණ්ඩයක් තමා මේ shell එක.unix environment එකේ නම් shell වර්ග කීපයක් තියෙනව.
1.bash- bourne again shell
2.sh- bourne shell
3.ksh-korn shell
4.csh - C shell
මේව තමා ප්‍රධාන ඒව.මීට අමතරව එකේක අය develop කරපු shell තියෙනව.
Windows environment එකේ shell වෙනුවට හදුන්වා දෙන්න පුලුවන් command prompt එක තමා.
Linux versions වල mac os වල terminal එක භාවිත කරල අපිට පුලුවන් bash use කරන්න.
Unix වල මුලින්ම shell එක හදල තියෙන්නේ stephen bourne මහත්මයා.ඒ AT&T Bell Lab එකේ.
Bash
මේ shell scripts interpret වෙනවා මිසක් compile වීමක් සිදුවන්නේ නෑ. ඒ කියන්නෙ අපි දෙන commands line by line තමා execute කරන්නෙ.මේ scripts අපී save කරන්න ඕන .sh කියන extension එක දාල.
මේකත් අපි දන්න normal programming language එකක් වගේම තමා.python කියන language එකත් bash වගෙ interpret ජාතියේ programming language එකක්.නමුත් python වලින් kernel එක access කරන වගේ ලොකු සෙල්ලම් දාන්න පුලුවන්ද කියල නම් මම දන්නෙ නෑ.
අපි බලමු unix environment එකක තියෙන terminal එක ආදාරයෙන් කොහොමද පොඩි bash script එකක් run කරන්නෙ කියල.
Using the terminal
මුලින්ම අපි script එකක් run කරන්න කලින් normal code එකක් run කරල බලමු.ඕනම් programming language එකක් පටන් ගන්න කොට අපි කරන්නෙ Hello World print කරන එකනෙ.ඒ වගේ bash වලින් ඒක කරන්නෙ කොහොමද බලමු.
ඒකට පහල කියල තියෙන code එක type කරල enter කරන්න.
echo "Hello World"
එතකොට Hello World කියල terminal එකේ පෙනේවි.මේක interpret වෙන ජාතියේ එකක් නිසා java c++ වල වගේ ; දාන්න එහෙම ඕන නෑ.
Using scripts in bash
script එකක් කියන්නෙ සාමාන්‍ය file එකක් විදියට ලියන එකක්.ඒක execute කරාම අපිට output ගන්න පුළුවන්.html උනත් script එකක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. අපි terminal එක use කරන කොට vi editor එක use කරන්න පුළුවන් අපේ script එක ලියා ගන්න.
දැන් මුලින්ම vi test.sh කියල terminal එකේ type කරලා enter කරන්න.
එතකොට අලුත් page එකක් වගේ පෙනේවි. Vi editor එක use කරන කොට දැන ගන්න ඕන commands කීපයක් තියෙනවා.ඒවා ටික vi editor කියන post එකෙන් මම කියල දෙන්නං.
Script එක ලියන්න පටන් ගන්න i press කරන්න.දැන් අපිට vi editor එකේ අපේ code එක ලියන්න පුළුවන්.
අපි code එකක් ලියන්න හදන්නෙ userගෙ නම input එකක් විදිහට අරගෙන ඒක print කරන්න.
echo "enter your name: "
read PERSON
echo "your name is $PERSON "
echo command එකෙන් කරන්නේ command line එකේ එහෙම නැත්තං terminal එකේ මොනවා හරි දෙයක් print කරන එක. read එකෙන් කරන්නේ input එකක් ගන්න එක. $ sign එක use කරන්න හේතුව තමා ඒක variable එකක් විදියට use උන දෙයක් නිසා.
මෙහෙම ලියපු code එක run කරන්න නම් vi editor එකෙන් අයින් වෙලා ආයෙත් bash එකට යන්න ඕන. ඒකට esc press කරල :wq type කරල enter කරන්න.ඒ දේවල් ගැන vi editor post එකේ මම දාන්නම්. අපි මේ ලියපු script එක execute කරන්න ./test.sh කියල type කරල enter කරන්න. සමහරවිට deny කියල message එකක් එන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් $chmod +x test.sh කියන command එක run කරල ./test.sh run කරන්න.
chmod කියන්නේ ලොකු command එකක්.ඒක ඇතුලෙ කතා ගොඩක් තියෙනවා.ඒව ගැන ඉස්සරහට කියන්නම්.